Loading...

පාසල් සිසුන් ලක්ෂ 6ක් ගැන වාර්තා වූ අලුත්ම දේ

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බවට තොරතුරු වාර්තා වනවා.

මෙම තොරතුරු අනාවරණය වුණේ පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන්ට පාසලට පැමිණීම වැඩි වී ඇති බවද එම කාරක සභාවේදී හෙළිව තිබෙනවා.

ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් ලබාදෙන ලෙසයි ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ.

පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600කට වැඩි මුදලක් ද වැය වන බවද මෙහිදී අනාවරණය වුණා.

තවද පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල සඳහා ආධාර ලබාදීමට කැමැති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කමිටුව උපදෙස් ලබාදී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *