දිස්ත්‍රික්ක 7ක් සඳහා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා කියා සිටියේ අද (19) අළුයම 3 සිට හෙට (20) අළුයම 3 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.
මේ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත නිකුත් කර තිබෙනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය : ඇල්ල
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය : හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල
කොළඹ දිස්ත්‍රික්කය : සීතාවක
ගම්පහ දිස්ත්‍රික්කය : අත්තනගල්ල
කළුතර දිස්ත්‍රික්කය : පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය : ගඟවට කෝරළය, උඩුදුම්බර, යටිනුවර, උඩපළාත, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය : යටියන්තොට, මාවනැල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, ගලිගමුව, වරකාපොල, කෑගල්ල, දැරණියගල, රුවන්වැල්ල
රත්නපුර දිස්ත්‍රික්කය : බලංගොඩ, රත්නපුර, ඉඹුල්පේ, කලවාන, කිරිඇල්ල, කුරුවිට, ඇහැළියගොඩ, අයගම, ඇලපාත
Leave a Reply