උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු ෆේස්බුක් ඔස්සේ බෙදා හැරීමේ සිද්ධියක් පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරීකයෙකු වන කැලුම් ජයසුමන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අදාළ පැමිණිල්ල අද (04) කැඳවනු ලැබුවා.
ප්‍රංශයේ සිටින කාන්තාවක් විසින් මුහුණු පොතේ පළ කළ කොටි සංවිධානයේ තහනම් කරන ලද සංකේත ඇතුළත් ඡායාරූප මෙම සැකකරු විසින් භාගත කොට එය යළි පළ කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ.
මේ තුලින් මහජන සාමය හා ජාතීන් අතර සංහිදියාවට බාධා එල්ල ඇති බව සඳහන් කළ ඔවුන් උතුරේ මෙවැනි උත්සවයක් පවත්වා නොමැති බවද සඳහන් කළා.
විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී ඉල්ලා සිටියා.
නඩු විභාගයේ දී මහෙස්ත්‍රත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ක්‍රියාව නිසා මහජන සාමය කඩ වූ බව තහවුරු කෙරෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර ඇත්දැයි විමසා සිටියා.
එයට පිළිතුරු ලබාදෙමින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙවැනි ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
මහජන කැළඹීමක් සිදුව ඇති බවට තහවුරු කරන සාක්ෂි නොමැතිව මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ කෙලෙසදැයි ප්‍රශ්ණ කළ මහේස්ත්‍රාත්වරයා තමන්ට සාක්ෂි නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවත් පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අධිකරණය වෙත සාක්ෂි ඉදිරිපත් නොකොට සිතේ තිබෙන දේවල් පදනම් කරගෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බවයි.
මේ අනුව සැකකරු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස නියෝග කළා.
Leave a Reply