කැළණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔයේ ඇති අවදානම් තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සකුරා දිල්තාර මහත්මිය කියා සිටියේ ගංවතුරේ බලපෑම් එල්ල වූ ගම්පහ, ජා ඇල, වත්තල, මිනුවන්ගොඩ, කටාන යන ප්‍රදේශවල ජල මට්ටම අද (05) දිනයේ දී ක්‍රමයෙන් පහළ යනු ඇති බවයි.
තවද කැළණි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන කඩුවෙල, බියගම, වත්තල, කොළොන්නාව සහ කොළඹ යන ප්‍රදේශවල ජල මට්ටමද මේ වන විට ක්‍රමයෙන් පහළ බසින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින් ගණන 161000ක් ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ ආපදා තත්ත්වය මියගිය ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
Leave a Reply