Loading...

කෙහෙළියගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඊට අදාළ පෙත්සම අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ දැනුම් දී සිටියේ මෙම පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.

මේ අනුව අදාළ ලේඛන නීතිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන් විනිසුරුවරයා අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස නියෝග කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *