අන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අප්‍රේල් මස 22 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් පිරිස ඊයේ (08) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරූ අවස්ථාවේදීයි මෙම තීන්දුව ලබාදී ඇත්තේ.
පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් එහිදී නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර 5 වන සැකකරු මීට පෙර ඇප මත මුදාහැර ඇති බවද සඳහන්.
තවද නඩුවේ 10 සහ 11 සැකකරුවන්ට ඇප දෙනවාද නැද්ද යන්න සම්බන්ධව තීරණය කිරීම සඳහා ඔවුන් නැවතත් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති අතර ඒ දක්වා ඔවුන්ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම නඩුව සඳහා සැකකරුවන් 11 දෙනෙක් සිටින අතර ඉන් 09 වන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදෙස් ගතව සිටින බවද වාර්තා වනවා.
ඔහු මෙම ප්‍රශ්ණ ගත ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටුවේ සාමාජිකයෙක් ලෙස කර තිබුණා.
Leave a Reply