රුහුණු මහා කතරගම දේවාලයට බැතිමෙකු පුජා කළ පවුම් 38ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ කපු ධූරය අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගනු ලැබුවා.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලෙස සේවය කළ සොමිපාල තඹිලත් රත්නායක සහ මුණසිංහ මන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ තනතුරු විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවයි.
මේ අනුව ඊයේ (18) රුහුණු මහා කතරගම දේවාල මාලිගාවට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍රාකාරයෙන් හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බව බස්නායක නිලමේ විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබෙනවා.
එම චෝදනා එල්ලවී තිබෙන කපුවන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් 29 වනදා ලිඛිතව දැනුම් දී තිබුණා.
Leave a Reply