උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ ගත වූ වසරවල වෙනත් රටවලදී සිදුකළ උත්සව ඡායාරූප බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අමාත්‍යයවරයා මේ බව කියා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව උතුරේ LTTE සැමරුම් පැවැත්වීමට ඉඩ ලබාදුන් බව ඇතැමුන් ඒත්තු ගැන්වීමට කටයුතු කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.
“උතුරේ එක් පුද්ගලයෙක්. බද්දේගම පදිංචි පුද්ගලයෙක් ඉහත චෝදනා යටතේ නොවැම්බර් 29 අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මීට අමතරව විදෙස් රටවල ඡායාරූප යාපනේ පැවැත්වූ බවට පෙන්වමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කළ මරදාන ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.
ඊළඟට බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඔහු දකුණේ සිලින්ඩරයේ ලකුණින් ඡන්දය ඉල්ලූ පුද්ගලයෙක්.
ඔවුන් සංවිධානාත්මකව රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින්, උතුර – දකුණ නැවත ගැටුමකට පසුබිම සකස් කිරීමේ ව්‍යාපාරයක අපිට හඳුනාගන්න පුළුවන් ඔවුන්ගේ වෛරීය ප්‍රකාශ හරහා.
විශේෂයෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුම සිලින්ඩරේ ලකුණින් ක්‍රියාකාරීන් විදියට ඉන්නවා.
මේ ගැන විමර්ශනයක් කරා සමාජ මාධ්‍ය හරහා මේවා වැඩි වශයෙන් ප්‍රචාරය කළේ කවුද කියලා. බොහෝ දේශපාලන කණ්ඩායම් මේවාට සම්බන්ධ බවට තොරතුරු තියෙනවා.”
Leave a Reply