ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5ක් බව පැහැදිලි යැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නිල කාලය පිළිබඳ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඇය අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස මුලික විරෝධතාවක් ද මතු කර ඇති බවද සඳහන්.
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දින වකවානු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙන තෙක් දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.
පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු කෙරෙනවා.
ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
Leave a Reply