Loading...

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 5යි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 5ක් සම්පුර්ණ වනවා.

මේ වෙනුවෙන් සංවිධානය කෙරුණු අනුස්මරණ වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති විශේෂ දිව්‍ය පුජා යාගයක් ආරම්භ කරනු ලැබුවා.

මෙම අනුස්මරණ වැඩසටහන් මාලාවට සමඟාමීව කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමක් ද ඊයේ (20) මධ්‍යම රාත්‍රිය පැවැත්වුණා.

2019 වසරේ අප්‍රේල් මස 21 වන දින පාස්කු ඉරුදින අන්තවාදීන් කණ්ඩායමක් විසින් දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබුවා.

ප්‍රහාරයට වසර 5ක් ගත වීම නිමිත්තෙන් අනුස්මරණ වැඩසටහන් මාලාවක් ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ඉලක්කය බවට පත්වූ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය සහ කටුවාපිටිය සෙබස්තියන් දේවස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඊයේ (20) පස්වරුවේ පැවැති විශේෂ දිව්‍ය පුජා යාගය අගරදගුරු පදවියේ සහායක රදගුරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ සඳහා ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වූ ඥාතීන් හා තුවාල ලැබුවන් එක්ව සිටියා.

මේ අතර දේවස්ථානවල පැවැත්වෙන සැමරුම් සඳහා ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *