Loading...

තිස්වසරක යුද්ධය නිමා වී අදට වසර 15යි

තිස්වසරකට අධික කාලයක් මෙරට පැවැති ත්‍රස්තවාදය පරාජයට පත් කර අද (18) වසර 15ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුන් අතින් ජීවිතක්ෂයට පත්වීම සමඟ එතෙක් ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු යුද්ධය නිමාවට පත්වුණා.

ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් LTTE ග්‍රහණයෙන් මුදා ගැනීම හේතුවෙන් මෙම මෙහෙයුම ලොව විශාලතම මානුෂීය මෙහෙයුම ලෙසද එකල සැලකුවා.

මේ අතර 15 වන රණවිරු සැමරුම් දිනට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3146ක් දෙනෙක්ගේ නිලයන් උසස් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *