Loading...

නිවැරදි ක්‍රමවේදයට සුරාබදු බලපත්‍ර ලබාදෙන්න – ජනපති

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීයි.

නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවද ඔහු මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත්තේ සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් නිසි වේලාවට බදු අය කර ගැනීමට පියවර ගන්නා ලෙසත්ය.

සුරාබදු අය කර ගැනීමේ අපහසුතා සහ සිදුවන අක්‍රමිකතා පිළිබඳ මෙහිදී අවධානය යොමුව ඇති අතර අයවිය යුතු බදු ප්‍රමාණය අය කර ගැනීම, අසදුගත ආයතන සහ බදු අය කර ගත නොහැකි ආයතනවල බලපත්‍ර තහනම් කිරීම වැනි නව ක්‍රමවේද පිළිබඳ පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

බදු අය කර ගැනීමේ දී පවතින නීති රීති ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද සාකච්ඡා ලක්ව ඇති අතර බදු අය කර ගැනීමේ දී මතුව ඇති ගැටළු සහ සුරාබදු නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා සම්බන්ධව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධානය යොමුව ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *