හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඊයේ (03) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන මෙලෙස බන්ධනාගාරගත කරනු ලබන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකට අනුවයි.
කෙසේ වෙතත් මෙම අපරාධයට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇතුළු තිදෙනෙක් මේ වන විට සැඟව සිටිමින් උසාවිය මඟහරිමින් සිටිනවා.
මේ හේතුවෙන් ඔහු ඇතුළු සැකකරුවන් තිදෙනාගේ දේපොළ රාජසන්තක කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම සලකා බැලීම අප්‍රේල් මස 9 වනදා සිදුකිරීමට නියමිතයි.
Leave a Reply