ජර්මනියේ සොලින්ග් නගරයේ සැමරුමක් අතරතුර සිදුවූ පිහි ඇනුමේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබෙනවා.
එම සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පලස්තීනය ඇතුළු ලොව පුරා පීඩාවට පත්ව සිටින මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පළිගැනීමේ අරමුණින් කිතුණුවන් ඉලක්ක කළ ප්‍රහාරකයා IS සංවිධානයේ සෙබෙලෙකු වන බවයි.
පිහි ඇනුමට සැකපිට 15 හැවිරිදි තරුණයෙකු ද ඇතුළුව දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයෙකු පිහිඇනුම සිදුකළේ තමා බව පවසමින් පොලීසියට භාර වී ඇති බව සඳහන්.
ඊයේ (24) මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙක් බරපතල තුවාල ලැබුවා.
මෙහිදී අපරාධකරු විසින් එහි සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක සිටි පුද්ගලයින් මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පලාගොස් තිබුණා.







Leave a Reply