Loading...

බැදුම්කර සිද්ධියට සුදු හුණු ගෑ මන්ත්‍රීලා 10 ගැන පරීක්ෂණ අරඹයි

බැදුම්කර සිද්ධියට සුදු හුණු ගෑමට සහ එහි තොරතුරු වසන් කිරීමට මත්පැන් සමාගමයකින් කෝටි ගණනින් මුදල් ඇතුළු විවිධ වරදාන ලබාගත් බවට පැවසෙන හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම පිරිස අතර සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද සිටින බවයි.

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුල් වකවානුවේදී බැඳුම්කර සිද්ධිය දැඩිව විවේචනය කර තිබුණ ද මත්පැන් සමාගමෙන් මුදල් ඇතුළු විවිධ වරදාන ලබා ගැනීමෙන් පසු මෙලෙස විවේචන කිරීම අතහැර දමා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

මත්පැන් සමාගමෙන් එම මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇතැයි පැවසෙන චෙක්පත් ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් සොයාගෙන ඇති බව සඳහන්.

එම චෙක් පත් සම්බන්ධව පරීක්ෂණ මෑතක සිට අලුත් වටයකින් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

බැදුම්කර සිද්ධිය සම්බන්ධව මුලින්ම විමර්ශන පවත්වනු ලැබුවේ ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසිනි.

ඒ මහතා මෙම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එම විමර්ශන අඩපණ වූණා.

කෙසේ වෙතත් ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස පසුගියදා නැවත පත් කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *