Loading...

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන විමර්ශන ප්‍රගතිය අද අධිකරණයට

පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුදැයි තම දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පිළිබඳව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය අද (27) අධිකරණයට වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සිද්ධියට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් හමුවේ කළ ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධ්‍යනය කළ නීතිපතිවරයාගේ උපදෙස් මත මෙහි විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසුව එහි නිලධාරීන් විසින් ඔහුගෙන් පැය 6කට අධික කාලයක් පුරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරමින් ලබාගත් ප්‍රකාශයේ උධෘත ඉදිරි නෛතික කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව එය අධ්‍යනය කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එහි අනතර්ගතය අධ්‍යනය කළ බවද සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *