වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී තරුණයෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව සිදු කරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
පොලිස් මුලස්ථානය පැවසුවේ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට ආරම්භ කර ඇති බවයි.
පසුගිය පළමු වනදා රාත්‍රී කාලයේ නාවල ප්‍රදේශයේ දී අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙහිදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහු රෝහල් ගත කළ බවද පොලීසිය සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරය සහ රෝහල් ගත කිරීමෙන් පසු තරුණයා මියයාම සම්බන්ධ විමර්ශන සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් ඇති බවද සඳහන්.
Leave a Reply