ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) විනිසුරුවන් විසින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙනවා.
ඊට අමතරව එරට හිටපු ආරක්ෂක ඇමති යෝව් ගැලන්ට් සහ හමාස් නායක මොහොමඩ් ඩීෆ් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.
පසුගිය මැයි මසදී ICC අභිචෝදක කරීම් ඛාන් විසින් හමාස් නායකයන්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සමූලඝාතනය, මිනීමැරුම්, ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීම, ස්ත්‍රී දූෂණය සහ වධහිංසා පැමිණවීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර ඊශ්‍රායල් නායකයන්ට එරෙහිව සිවිල් වැසියන්ට හිතාමතාම ප්‍රහාර එල්ල කිරීම, සාගින්න යුද අවියක් ලෙස භාවිතා කිරීම මෙන්ම සමූලඝාතනය සහ මිනීමැරුම් චෝදනා එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් වරෙන්තු බලාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට ICC හි සාමාජික රටවල් 124 වෙත පැවරෙනු ඇති.
Leave a Reply