Loading...

නාමිකව පමණක් ජාතික පාසල් වූ පාසල් 809ක් ගැන තොරතුරු හෙළිවෙයි

පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා වන නාම පුවරු සඳහා පමණක් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

මේ අනුව පාසල් 809ක් නාමිකව පමණක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ ගිණුම් කාරක සභාව හමුවට පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිව තිබෙනවා.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ ජාතික පාසල් දහසක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන පිළිබඳව සහ රාජ්‍ය අමාත්‍යාංශය ආරම්භ කළ ව්‍යාපෘති 72ක් පිළිබඳව මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට නිර්දේශ කර ඇති බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *