Loading...

ඉන්දීය අගමැති දිවයිනට පැමිණෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අද (04) දිවයිනට පැමිණ තිබෙනවා.

තෙදින නිල සංචාරයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණියා.

ඉන්දීය රජයට අයත් ඉන්දියා 1 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ මෙරට සංචාරයේ නිරත ඉන්දීය දූත පිරිසේ 60 දෙනෙක් පැමිණ සිටින අතර ඊට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ද සිටීම විශේෂත්වයෙකි.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් පසුව ඔවුන් පිරිස ශ්‍රී ලංකා සංචාරය සඳහා පැමිණ තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇති බව සඳහන්.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මැදිරිය තුළ පිළිගැනීමේ කටයුතු සුදානම් කර ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *