ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද (06) උදෑසන අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබෙනවා.
එහිදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා, විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනු ලැබුවා.
ඉන් පසුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා උත්තමාචාර මැද පළිගනු ලැබුවා.
ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට එක්ව ඇති අතර මෙහිදී අටමස්ථානාධිපති හිමි අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශීර්වාදය ලබා ගනු ලැබුවා.
මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වී සිට තිබෙනවා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර නගරය වෙත පැමිණ තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එකම රථයකයි.
ඒ අතරමඟ ලබාගත් ඡායාරූපයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ පළකර තිබුණා.
එම ඡායාරූපයට තබා තිබූ සටහන වන්නේ “මා මිත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සමඟ අනුරාධපුරයේ දී” යනුවෙනි.








Leave a Reply