ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මේ මස කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මේ බව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.
සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්ති සහ මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශ අතර මුල්‍ය සහයෝගීතාවයේ පවතින හවුල්කාරීත්වයන් සමාලෝචනය කිරීම මෙම සංචාරයේ මුලික අරමුණ වී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය නුදුරු අනාගතයේ දී අගමැති මෝදීගේ ශ්‍රී ලංකාවේ අපේක්ෂිත සංචාරය සඳහා වේදිකාව සකසනු ඇති බවයි.
Leave a Reply