Loading...

,

ඉරානයේ තුන්වෙනි නැවට ඉන්දියාවේ රැකවරණය

ගල්ෆ් කලාපයේ අපනයන සම්පුර්ණයෙන්ම ඇනහිටීමේ අවධානමක්

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වුවහොත් එළැඹෙන සති කිහිපය තුළ ගල්ෆ් කලාපයේ සියලුම බලශක්ති නිෂ්පාදකයින් තම අපනයන කටයුතු අත්හිටුවීමට ඉඩ ඇති බව කටාර් රජය පෙන්වා දෙනවා.

එම රජයේ කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 සීමාව ඉක්මවා යාමේ බරපතළ අවදානමක් පවතින බවයි.

කලාපීය ආරක්ෂක අර්බුදය හේතුවෙන් බලශක්ති පහසුකම් වසා දැමීමට සිදුවීම ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ යුද්ධය වහාම අවසන් වුවත් බලශක්ති සැපයුම් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තවත් සති හෝ මාස ගණනක් ගත විය හැකි බවයි.


ඉරානයේ තෙවන නෞකාවට ඉන්දියාවේ රැකවරණය

IRIS Lavan නැමැති ඉරාන යුද නෞකාවට රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

මේ අනුව 183 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ එය කොචි වරායේ පසුගිය 4 වනදා සිට නැංගුරම් ලා ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම නෞකාව පෙබරවාරි 28 වනදා රැකවරණය ඉල්ලා සිටි බවත් මාර්තු 1 වනදා ඒ සඳහා අනුමැතිය හිමි වූ බවත්ය.


මැදපෙරදිග යුද්ධය නිසා බොරතෙල් මිල ඉහළට

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුද වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිල සීඝ්‍ර ලෙස වැඩි වී තිබෙනවා.

වෙළෙඳපොල වාර්තා සඳහන් කරන්නේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (06) තිබූ අගයට වඩා 9%කින් ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට එහි අගය අමෙරිකානු ඩොලර් 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසර දෙකට පසුව මෙලෙස තෙල් මිල ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

අවසන් වතාවට 2023 වසරේ සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාවේ බොරතෙල් මිල ඉහළගොස් තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *