රුහුණු කතරගම මහා දේවාලයේ ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කර තිබෙනවා.
මේ අනුව 2024 ජනවාරි 01 වනදා සිට ජුනි 3 වනදා දක්වා මාස 6ක ආදායම් වියදම් වාර්තාව මෙලෙස ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා පවසන්නේ රටවාසී ලෝකවාසී, කතරගම දෙවියන්ට පින් පිණිස ආධාර උපකාර කළ සියලු බැතිමතුන් හට දැන ගැනීම පිණිස, මෙම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කළ බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට අයෙක් ඇත්නම් බස්නායක නිලමේතුමා හෝ ගණකාධිකාරී තුමා හමුවන ලෙසද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
Leave a Reply