Loading...

2023 වසරේ හිඟ බදු මුදල කෝටි ලක්ෂය පැනලා

2023 ජනවාරි 1 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා හිඟව ඇති මුළු බදු මුදල රුපියල් කෝටි 106608 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට විවිධ සමාගම්, ආයතන සහ පුද්ගලයින් මීට අයත් බවයි.

රුපියල් කෝටියකට වඩා වැඩි මුදල් ගෙවීම් පැහැර ඇති ගණන 4479ක් බවද මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වනවා.

රුපියල් කෝටියේ සිට කෝටි 1 1/2 දක්වා බදු මුදල් ගෙවීම පැහැර ඇති ගණන 3108ක් වන අතර මද්‍යසාර නිෂ්පාදනය කරන සමාගම් 28ක්ද මෙයට ඇතුළත්ව තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසන්නේ ඉන් වැඩි මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවීමට නියමිත බවත් එම මුදල රුපියල් කෝටි 105600ක් බවත්ය.

මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළව හිඟ බදු නඩු 350ක් අධිකරණවල විභාග වෙමින් පවතින බවද ඒ මහතා පෙන්වා දෙනවා.

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වන විට රජයේ අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුවල අභියාචනා 2934ක් සහ බදු කොමිෂන් සභාවේ අභියාචනා 1505ක් ද පවතින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *