Loading...

ආනයනික සහල් ලබන සතියේ දී දිවයිනට?

ආනයනික සහල් ලබන සතියේ දිවයිනට ලැබෙනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ සහල් ආනයනය කිරීමට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආනයනයකරුවන් කිහිපදෙනෙක් මේ වන විටත් සහල් තොග ඇනවුම් කර ඇති බවයි.

ඒ අනුව ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලින් අදාළ සහල් තොග ඇනවුම් කර ඇති අතර එළැඹෙන සතිය තුළ එම තොග දිවයිනට ලැබෙනු ඇති බව සඳහන්.

මෙරට දැනට පවතින සහල් හිඟයට පිළිමයක් ලෙස ආනයනකරුවන්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළා.

මේ අනුව සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් දෙසැම්බර් මස 4 වන දින සිට 20 වනදා දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අවසර ලබාදෙමින් විශේෂ ගැසට් නිවේදනයක් ද රජය විසින් නිකුත් කරනු ලැබුවා.

මේ අතර ජනාධිපතිවරයා ලබාදුන් නියෝගවලට අනුව පාලන මිල යටතේ වෙළෙඳසැල් වෙත සහල් තොග ලැබෙමින් පවතින බව වාර්තා වනවා.

සහල් වෙළඳුන් පැවසුවේ අද (08) උදෑසන සිටම සහල් මෝල් හිමියන් විසින් පාලන මිලට තමන් වෙත සහල් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *