ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව වැඩසටහනේ 3 වන සමාලෝචනය එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළැඹි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අද (23) නිවේදනය කළා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යාමට නව රජය මඟින් පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම සඳහා වැදගත් බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහා පීටර් බෘවර් මහතා නායකත්වය ලබාදුන් අතර ඔවුන් නොවැම්බර් 17 වනදා සිට මෙරට රැඳී සිටියා.
2023 මාර්තු මස 20 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය පහසුකම ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ අතර එය මාස 48ක් පුරා ක්‍රියාත්මක වනු ඇති.
Leave a Reply