ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇති බව වාර්තා වනවා.
මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ එවැනි කලබල කරන පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් ලබාදී ති බවයි.
තවද ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර රට පුරා අනවසර ගිනි අවි සහ පාතාල කල්ලි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි සඳහන් කර තිබෙනවා.
එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ගැනෙන බවයි.
රට පුරා අනවසර ගිනි අවි ලක්ෂ දෙකක් පමණ පවතින බව ආරක්ෂක අංශ අනුමාන කරනවා.
Leave a Reply