මහ මැතිවරණයේ දී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදීමෙන් ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද මහජනතාවගේ අකමැත්ත පෙන්නුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඊයේ (18) කොළඹ දී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ මහතා පෙන්වා දෙන්නේ එය අසාමාන්‍යය ජනවරමක් බවත් එය තේරුම් ගෙන ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්ය.
කැනේඩියානු දෙමළ සංගමය වැනි ආයතන නැවතත් ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බවත් ඒවා සංතර්පනය කරනවා වෙනුවට ඒකීය රාජ්‍යයක් තුළ සියලු ජනතාවගේ අභිමාතාර්ථ ඉටුකරන ගමනක් ආණ්ඩුව යා යුතු බවද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.
මෙම ජනවරම මඟින් ජනතාව වඩාත් අපේක්ෂා කරනු ලබන්නේ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳා ජනතාවට සාධාරණ ඉටුවන හෙට දවසක් උදා කර ගැනීම
බවත් ආණ්ඩුව නිවැරැදි ගමනක නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ භූමිකාව ජනතාව පෙළගස්වමින් ඊට නායකත්වය ලබාදීම බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
Leave a Reply