එළැඹෙන සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා පියවර නොගතහොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙනවා.
එම සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා කියා සිටියේ මෙම ගැටලුව විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවලක් සකස් කිරීම රජයේ වගකීමක් බවයි.
“දීර්ඝ කාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොගියොත් නැවත නැවත මේ අර්බුදයට යා හැකි වෙනවා.
යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය මඟින් මේ අර්බුදය යටපත් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.
ඒ වගේම කෙටි කාලීන විසඳුමක් ලෙස රජය විසින් ඉතා ඉක්මනින් විදෙස් රටවලින් සහල් ආනයනය නොකළහොත් මේ තත්ත්වය තුළ වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් ඇති විය හැකිය.”
බියර් සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සහල් ලබා දීමේදී එය නියාමනය කිරීම ඉතා වැදගත් කරුණක් බවද ඔහු සඳහන් කරනවා.
Leave a Reply