අල්ලස් දුෂණයට හවුල් නොවනවා නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නොමැති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) පැවැති අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවන වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමින්.
අල්ලස් ලබා ගන්නා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ පිරිසකට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති ලොව කිසිඳු රටක නීතිය ක්‍රියාත්මක කළ පමණින් මෙය විසඳිය නොහැකි බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.
“ඔබට මට දෙන්න තියෙන්නේ ඉතාම සරල උත්තරයක්. ඔබ සත්භාවයෙන් සිදුකරන කිසිම දෙයක් වෙනුවෙන් මේක අදාළ වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අපි වෙනස් කරගත යුතු ලක්ෂණයක් තියනවා රජයේ සේවකයින්ට ඒ තමයි දේශපාලනඥයෝ කියන දේ කරන්නේ නැති රාජ්‍ය සේවයක් හදාගන්න. එහෙම වුණෙත් නෑ එහෙම වෙයිද කියන්න අපි දන්නෙත් නෑ. කවුරුහරි කියුවොත් ඇමතිතුමා කියුවා ඒ නිසා මේක කළා කියලා ඔහු මේ වරදට වගකීම දැරිය යුතු නැහැ. සමහර රාජ්‍ය සේවකයෝ මම දන්නවා මේක වැරදියි කියලා නමුත් මට මේක කරන්න සිද්ධ වෙනවා කියලා ලොග් පොතේ හරි සටහන් තියලා තියෙනවා. ඒ නිසා මට දෙන්න තියන පණිවිඩය එහෙම මිනිස්සු අපි අත්අඩංගුවට අරන් නෑ.”








Leave a Reply