ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් 35 හැවිරිදි ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතර තරඟයෙන් තේරී පත්ව තිබෙනවා.
ඔහු සැලකෙන්නේ ICC සභාපති ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙසයි. ජේ ෂා දෙසැම්බර් 01 වනදා සිට අදාළ ධුරයේ කටයුතු කිරීමට නියමිත බවද වාර්තා වනවා. මොහුගේ මෙම පත්වීම සමඟ මේ දක්වා ICC සභාපති ධුරයට පුද්ගලයන් 4 දෙනෙක් පත් වී තිබෙනවා. ඉන් තිදෙනෙක්ම ඉන්දියානුවන් වීම විශේෂත්වයකි.
මෙහිදී “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නම් කිරීම ගැන මම නිහතමානී වෙනවා ” යනුවෙන් සිය පත්වීම පිළිබඳව ප්‍රකාශ කල ෂා “ක්‍රිකට් තවදුරටත් ගෝලීයකරණය කිරීම සඳහා ICC කණ්ඩායම සහ අපගේ සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට මම කැපවී සිටින බවත් , බහුවිධ ආකෘතිවල සහජීවනය සමතුලිත කිරීම, උසස් තාක්ෂණයන් භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සහ නව ගෝලීය වෙළඳපල වෙත අපගේ මාර්කියු සිදුවීම් හඳුන්වා දීම වඩ වඩාත් වැදගත් වන තීරණාත්මක සන්ධිස්ථානයක අපි සිට ක්‍රිකට් ක්‍රීඩාව අන් කවරදාටත් වඩා ඇතුළත් කර ජනප්‍රිය කිරීම අපගේ අරමුණ” යනුවෙන් සදහන් කළේය .
ඔහු ICC ප්‍රධානියා ලෙස පත් කිරීම යනු ලබන වසරේ BCCI ලේකම්වරයා ලෙස ධූර කාලය අවසන් වීමට නියමිතව තිබූ ෂාට ඔහුගේ කාර්යභාරය BCCI කාර්යාලයේ අත්හැරීමට සිදුවනු ඇති බවයි. 2016 සිට ICC සභාපති ස්වාධීන තනතුරක් බවට පත් වී ඇති බව සැලකිල්ලට ගෙන – තේරී පත් වූ අපේක්ෂකයෙකුට කාර්යාල දෙකක් දැරීමට නොහැකි බැවින් ෂාට BCCI කාර්යාලය අත්හැරීමට සිදුවේ . කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් පැවසුවේ, “අපි උගත් වටිනා පාඩම් මත ගොඩනඟන අතරම, ලොව පුරා ක්‍රිකට් සඳහා ඇති ආදරය ඉහළ නැංවීම සඳහා අපි නැවුම් චින්තනය සහ නව්‍යකරණයන් වැලඳ ගත යුතුයි. LA 2028 ඔලිම්පික් උළෙලට අපගේ ක්‍රීඩාව ඇතුළත් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය සඳහා සැලකිය යුතු ආක්‍රමණ ලක්ෂ්‍යයක් නියෝජනය කරන අතර, එය ක්‍රීඩාව පෙර නොවූ විරූ ආකාරයෙන් ඉදිරියට ගෙන යනු ඇතැයි මට විශ්වාසයි.” යනුවෙන් .
ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ෂා ඉදිරියෙන්ම සිටින බව The Indian Express පසුගිය සතියේ වාර්තා කර තිබුණි.








Leave a Reply