Loading...

ගැඹුරින් හිතුවා – ජනතාව ගැන හිතලා ආයෙත් දේශපාලනයට එනවා – ලොහාන් රත්වත්තේ

තාවකාලිකව දේශපාලනයෙන් ඉවත්ව සිටි තමා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ගැන ගැඹුරින් සිතා යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දේශපාලනයට අවතීර්ණ වන බව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ පවසනවා.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පක්ෂය තීන්දුවක් අරගෙන වගකීමක් භාර දුනහොත් එය භාර ගන්නා බවද ඔහු මෙහිදී පැවසුවා.

“මාලිමාව ගොඩක් පොරොන්දු දුන්නා. නමුත් ඒවා ඉටුවන බවක් පේන්න නැහැ. අපිට ජනතාව දුන්න වගකීම අපි ඉටු කළා. ඒ වෙලාවෙ ලොකු රැල්ලක් මාලිමාවට තිබුණා. ඒ නිසා අපිට ඡන්දය දුන්න අයත් ඒ පැත්තට ඡන්දය දුන්නා.

මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය බාර ගන්න කැමැතියි. මහනුවර විතරක් නෙවෙයි ලංකාවේම නායකත්වය දුන්නත් භාර ගන්න මම සූදානම්.

පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදවනවා.

මගේ පියා අනුරුද්ධ රත්වත්තේ ගේ දේශපාලන ගමන් මග ඔස්සේ තවත් ඉදිරියට ගොස් ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමයි මගේ බලාපොරොත්තුව.

අපේ බලය රැක ගැනීම නෙවෙයි වැදගත්. මහනුවර ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීමට කටයුතු කිරීමයි. ඒ වෙනුවෙන් තමයි යළි දේශපාලනයට එන්නේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *