Loading...

නිදහස් පක්ෂ කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් නිදහස් පක්ෂ මුලස්ථානයට රැස්ව ඇති බව වාර්තා වනවා.

දේශපාල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පක්ෂයේ පිරිසක් මෙහිදී පක්ෂයට හැකි ඉක්මණින් වැඩ බලන සභාපතිවරයෙක් පත්කරගත යුතු බවත් එය සඳහා මෙය හොඳම වෙලාව බවත්ය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවත් පිරිසක් ද එක් රැස්ව ඇති බවද වාර්තා වනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා එම පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කරනු ලැබුවා.

අප්‍රේල් 18 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *