Loading...

දිස්ත්‍රික්ක කිහිපයක පාසල්වලට හෙටත් නිවාඩු

අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අනෙක් පළාත්වල හා කලාපවල හෙට (04) දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තීරණය කර ඇති බවයි.

මේ අනුව හෙට (04) පාසල් නොපැවැත්වෙන පළාත් දිස්ත්‍රික්ක හා කලාප පහතින්,

සබරගමුව පළාත‍
රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්
කෑගල්ල දිස්ත්‍රික්කය – සියලුම පාසල්


දකුණු පළාත
ගාල්ල දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්
මාතර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්


බස්නාහිර පළාත
කළුතර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්
කොළඹ දිස්ත්‍රික්කය – හෝමාගම කලාපය


අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, එච්. ටී. කුෂාන් සමීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම පළාත් හැර අනෙක් සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට (04) දින පැවැත්වෙන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *