Loading...

අධිවේගයේ මාර්ග ආරක්ෂාවට නැවතත් STF යටතට

අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (11) රාත්‍රියේ සිට විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහායි.

පසුගිය රජය සමයේ දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශය මඟින් මීට වසරකට පෙර එම කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බලකාය ඉවත් කෙරුණා.

මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව, කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම සහ කොළඹ කටුනායක මාර්ගයන් හී වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා අදාළ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව විශේෂයෙන් හඳුනාගෙන තිබෙන කොළඹ කටුනායක මාර්ගයේ නව කැලණි පාළම, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පසුගිය කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපොළ සොරා ගැනීම් සම්බන්ධව ද අවධානය යොමු කර එම දේපොළ ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් 20 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නියමිත බවද සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *