Loading...

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය මෙන්න

ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් මේ වන විට දුම්රිය ධාවනය වන බව වාර්තා වනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ මේ අනුව දුරගමන් දුම්රිය ධාවනය නොකෙරෙන බවයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ අදාළ ඉල්ලීම් සඳහා ලබන සතිය ඇතුළත විසඳුම් ලබාදීමට පියවර නොගතහොත් අඛණ්ඩව වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි.

මෙම වැඩවර්ජනය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (16) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *