ලංකා විදුලිබල මණ්ඩලය විසින් වහල මත සවි කර ඇති සුර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් නිවේදනයක් ය නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ අද (16) සිට කෙටි පණිවුඩයක් (SMS) ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3 දක්වා සූර්ය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බවයි.
පසුගිය අභියෝගාත්මක දින කිහිපය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ලංකා විදුලිබල මණ්ඩලය ස්තුතිය පිරිනමන බවද එහි තවදුරටත් දැක්වෙනවා.
Leave a Reply