Loading...

ජා.ජ.බ සහ පොහොට්ටුවේ මැයි රැලි තියෙන තැන් මෙන්න

ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය සිය මැයි දින රැළි උතුර, උතුරු මැද, දකුණ සහ බස්නාහිර යන පළාත්වල ප්‍රධාන නගරයන්හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම රැළි යාපනය, අනුරාධපුර, මාතර සහ කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම පක්ෂයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන එම මැයි රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි.

තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *