Loading...

සෞඛ්‍ය ඇමතිකම රාජිතට?

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තනතුරුවල වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් රැසකගේ වෙනස් වීමට නියමිතයි.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවද වාර්තා වනවා.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඔහු සමඟ තවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්ධූර, වෛද්‍ය සැපයුම් ඒකකය ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, රාජ්‍ය ඖෂධ සංසථාව සහ ඖෂධ නියාමන අධිකාරියේද තනතුරු රැසක වෙනස් වීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *