ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක හටගත් ගිනෙන් මියගිය ගණන මේ වන විට 32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ මියගිය පිරිස් අතර කුඩා ළමුන් 12 දෙනෙක් ද සිටින බවයි.
මේ අතර අදාළ ක්‍රීඩා මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති පංච පුද්ගල කමිටුවේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති අතර මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇතැම් මළසිරුරු හඳුනාගත නොහැකි ලෙස පිලිස්සී ඇති බවත් ගින්න සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිස්වල ඥාතීන්ගේ DNA සාම්පලවලින් සිරුරු හඳුනාගැනීම සඳහා ලබා ගෙන ඇති බවත්ය.








Leave a Reply