ලොව පුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කරන මහ සිකුරාදා දිනය අද (18) සමරනු ලබනවා.
ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතරවීමද මෙහිදී සිදු කරනු ලබනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීම අද (18) දිනයේ සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබෙනවා.
මේ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.
පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාග ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.
මේ අතර පාස්කු උත්සවය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් අද (18) සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙන බවයි.
ඒ සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
තවද බැතිමතුන් වැඩි ලෙස පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත්, ප්‍රධාන දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.
Leave a Reply