Loading...

ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක් ලැබෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මීට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ඔහු වෙත පිළිගැන්වූ බවයි.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ගෝමික උඩුගමසූරිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි.

ඊට අමතරව අමෙරිකාවේ මිචිගන් වේන් ස්ටේට්ස් යුනිවර්සිටි වෙත ආචාර්ය උපාධිය ද ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙත පශ්චාත් ආචාර්ය උපාධිය ද හිමි කරගෙන තිබෙනවා.

තවද ඒ මහතාට පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන අතර ඔහු අමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගරු සේවයක් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට එක්ව ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *