Loading...

අර්බුද සමයේ අතුරුදහන් වූ ඉන්ධන ගැන හොයන්න යයි

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදහන් වී ඇති බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී මේ බව අනාවරණය වූ බවයි.

අර්බුද සමයේ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ දත්ත ගබඩා තුළ පවතින දත්ත සිතා මතා විනාශ කර ඇති බවද මෙහිදී හෙළි වූ බවද ඒ මහතා සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *