වෛද්‍යවරියක් ලිංගික වද හිංසාවට ලක් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (13) පෙරවරු 8ට අවසන් වුණා.
කෙසේ වෙතත් එම සැකකරු අත්අඩංගුවට ගත්තද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදු කෙරෙනවා.
ඒ අදාළ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර දෙන මෙන් බලකරමින්.
මේ සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව වර්ජනය අඛණ්ඩව සිදුකරන්නේ ද? නැද්ද? යන්න පිළිබඳව තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් වෛද්‍ය සසික විජේනායක මහතා පැවසුවා.
Leave a Reply