Loading...

මීගමුව රෝහලේ සිද්ධිය ගැන GMOA සංගමයෙන් ප්‍රකාශයක්

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියකට එහි සේවය කරන වෛද්‍යවරයෙකු විසින් ලිංගික වද හිංසා සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

වින්දිත තරුණිය ප්‍රතිකාර ලබා ගැනීමේ දී අදාළ වෛද්‍යවරයා හිංසනයක් සිදුකළ බව අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් කරුණු දක්වා ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ චෝදනාව එල්ලවන වෛද්‍යවරයා සිය සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද පුද්ගලයෙක් බවයි.

එම සිදුවීම පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු මෙහිදී සඳහන් කරනවා.

“මේ සම්බන්ධනේ මීගමුව රෝහලෙන් වාර්තාවක් කැඳවූවා. එහිදී පැහැදිලි වුණු එක් කරුණක් අදාළ වෛද්‍යවරයා මීට පෙරත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අයෙක්.

ඔහු විනය විරෝධීව කටයුතු කිරීම නිසා 2021 වර්ෂයේ දී සාමාජිකත්වයෙන් නෙරපා දැමූ පුද්ගලයෙක්.

මේ සිදුවීම අපට සුළුකොට තකන්න බෑ. මේ සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි.

කිසිම විදියකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැරදිකාරයන් රකින්න සූදානමක නෑ. පරීක්ෂණය සඳහා උපරිම සහයෝගය ලබාදීමට සූදානම්”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *