Loading...

වෙනත් නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයෙක් අපට දෙන්න – ලංක වාහන ආනයනකරුවන්ගේ සංගමය

ජනාධිපතිවරයා කාර්යබහුල බැවින් ඔහුගේ යටතේ ඇති මුදල් අමාත්‍ය ධුරයට අදාළ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සිදුවන බව ලංක වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ප්‍රසද් කුලතුංග මහතා පසුගියදා වාර්ෂික මහ සභාව පැවැති අවස්ථාවේ දී මේ බව සඳහන් කළා.

මෙම තත්ත්වය මඟහැරීම සඳහා ඉක්මන් තින්දු තිරණ ගත හැකි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයකු සිටිය යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඒ මහතා එහිදී කියා සිටියේ පසුගිය දිනවල වාහන ආනයනය සම්බන්ධයෙන් මුහුණ දුන් අත්දැකීම්වලදී මේ තත්ත්වය අවබෝධ වූ බවයි.

මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලබන තීරණවල ප්‍රමාදයක් පවතින බවත් ඒ හේතුවෙන් වාහන ආනයනකරුවන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම ඉතා අසීරු අඩියකට පැමිණ ඇති බවත් ඔහු මෙහිදී පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ ලකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා,

“වාහන ආනයනය අවුරුදු පහකට පස්සේ ප්‍රකෘති වුණේ. රට දුවන්නෙ නිලධාරීන්ට වගකීම් දීලා. ඇමතිවරු කිසිම වගකීමක් දරන්නේ නෑ. ජනාධිපතිතුමා බොහොම කාර්යබහුලයි. නියෝජ්‍ය ඇමතිවරු මේ පිළිබඳව කටයුතු කරන්නේ නෑ නිලධාරීන් පරිස්සමින් හෙමින් වැඩ කරන්නේ. මුදල් අමාත්‍යාංශය හා රේගුවේ ප්‍රශ්න කෙටි කාලයක් තුළ විසඳීමට උත්සාහ කළත් හරි ගියේ නෑ. වාහන වර්ගීකරණය සම්බන්ධයෙන් ලොකු ගැටලු තිබෙනවා. ඒවා නිසා බදු වෙනස් වෙලා තිබෙනවා.

අපි සුබවාදීව බලනවානම් තව දින කිහිපයකින් ප්‍රශ්න සියල්ල ඉවර වෙලා වාහන ආනයනය නැවත ප්‍රකෘතිමත් වෙයි. ඉදිරියේදී රටක් විදියට හැමදේම හොඳින් වෙන්න ඕනේ. අනිසි කටයුතු වළක්වලා කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *