Loading...

පුංචි ඡන්දයටත් ඉක්මණින් සුදානම් වෙන්න

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදානම් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔවුන්ට මෙම උපදෙස් ලබාදී ඇත්තේ මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හා දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවැති හමුවකදීයි.

මැතිවරණ කොමිෂන් සභාපතිවරයා මෙහිදී පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව මේ සඳහා අවශ්‍ය කටයුතු වහාම සුදානම් කළ යුතු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *