Loading...

හමුදාවේ 9770කට පොදු සමාව

හමුදා සාමාජිකයින් 9000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මුලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව පෙන්වා දෙන්නේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා කර නොසිටි හමුදා සාමාජිකයින් මෙලෙස සේවයෙන් ඉවත් කර බවයි.

අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලියන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මේ අනුව පොදු සමා කාලය තුළ මේ වන විට යුද හමුදා සාමාජිකයින් 9770 දෙනෙක් සේවයෙන් ඉවත් වී ඇති බවයි යුද හමුදා පවසන්නේ.

යුද හමුදාව සාමාජිකයින් 9735 දෙනෙක් ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව ඉවත් කිරීම සිදු කර ඇති බවද පවසනවා.

තවද නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර මේ වන විට විදෙස්ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 35 දෙනෙක් ද යුද හමුදා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පොදු සමා කාලය මැයි මස 20 වනදා ක්‍රියාත්මකයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *