ගෑස් මිල පහළ යාම සමඟ ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමය සඳහන් කළේ කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩු කර ඇති බවයි.
මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබෙනවා.
කෙසේ වෙතත් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කළද ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බවද එම සංගමය වැඩිදුරටත් පවසනවා.
මේ අතර ගෑස් මිල පහත දැමුවද බේකරි නිෂ්පාදනවල මිල පහත දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙරටට පිටි ගෙන්වන ආයතන පිටි මිල අඩු කර යම් සහනයක් ලබා දුනහොත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමිය හැකි බවයි.
Leave a Reply